October 9, 2013

වාස්තු විද්‍යාව

වාස්තු විද්‍යාව



මේ දවස්වල අපේ කට්ටිය ටිකක් උනන්දු වන Subject එකක් ගැන පොඩි විස්තරයක් දෙන්න හිතුනා..... ලගදි පෙලවහක් එහෙම කරගන්නවනම්.. ගෙයක් දොරක් එහෙම හදාගන්න හිතගෙන ඉන්න අයට නම් ටිකක් වදගත් වෙන Topic එකක්. බලමුකො එහෙනම්...



නිවසක් සැදීමට අප සිතන විට නිරන්තරයෙන් සිහියට නැගෙන සිතුවිලි වන්නේ ප්‍රථමයෙන් ඉඩමක් මිලදී ගැනීම,නිවාස සැදීම,ගෙට ගෙවදීම යන දේවල්ය.මේ සියලුම දේවල් නැකතට අනුව කිරීම ජ්‍යෝතිෂ්‍යයේ මෙන්ම වාස්තු විද්‍යාවේද සදහන් නියමයකි.ඒ අනුව කටයුතු කරන්නන්හට හැකියාවන් මෙන්ම නිරෝගීකම ,ක්‍රියාශීලි ජීවිතයක් ගත කිරීම තුලින් සෞභාග්‍ය හා ධනය පිරි දිවියකට මග පැදෙන බව වස්තු විද්‍යාව තුලින් සනාථ වන කරුණකි.නිවසක් සදන්නට පෙර මිලදී ගන්නා ඉඩම පිලිබදවත් ,නිවස සැදීමේදී තම හදහනට අනුව සුදුසු නැකත් තෝරා ගැනීමත් ,නිවස අවසානය දක්වා වැඩ නිමකිරීම තෙක්ම ජ්‍යෝතිෂ්‍යවේදියෙකුගේ සහය ලබා ගැනීමත් ඉතා වටිනා කරුණක් ලෙස හැදින්විය හැක.

ෆෙන්ෂුඉක්‍රමවේදය

ෆෙන්ෂුඉ ක්‍රමවේදයට අනුකුලව නිවසක් පවත්වාගෙන යාමෙන් එම නිවසට සෞභාග්‍ය හා වාසනාව උදාවේ.එයට හේතුව ක්‍රමවත් පරිසරයක් හා නිවසක් තුල නිරෝගී ජීවිතයක් ගත කිරීමට හැකි බැවින් එය ඔබගේ ක්‍රියශිලිත්වයට මග පාදයි.එය ධනය ලැබීමේ මාර්ගයයි.මෙහි ඇති ක්‍රම අනුගමනය කිරීමට උත්සහ කරන්න


නිවසක් පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග .

1.කොසු ,ඉදල්,රෙදි මුස්න ආදිය නොපෙනෙන ලෙස තබන්න.පවුල් ජීවිකාව ,රැකියාව අතුගැවී යාම වැළකේ.

2.නිවසේ නාන කාමරයේ ජල කරාම කාන්දු වීමට ඉඩ නොතබන්න.ජල කරාම කාන්දු වීම යනු ධනය කාන්දු වීමයි.

3.කැඩුණු ඔරලෝසු ඉවත් කරන්න .ඔරලෝසු ක්‍රියා විරහිත නම් මුල්‍ය තත්වයද ඇන හිටි.

4.මිදුල අතුගානවිට එය නිවස පැත්තට කල යුතුයි.එළිය පැත්තට අතුගෑමෙන් ධනය අඩුවීමක් ඇතිවේ .

5.සියලුම දොරවල් සම්පුර්ණයෙන් විවෘත කරන්න.දොර අඩක් විවෘත කිරීමෙන් සුඛෝපබෝගී ජීවිතයක් ගත කිරීමට බාධා පැමිණේ.

6.තරප්පු පෙළ අසල බිත්තියේ පින්තුර එල්ලන විට සරල රේඛාවක ආකාරයට දිගට එල්ලන්න.

7.නිවසේ මුදල් සේප්පුව හෝ අල්මාරි ගිනිකොණ දෙසට තබන්න .

8.ප්‍රධාන දොරවල් ඉදිරියේ ලිප් හා පෝරණු නොපෙනිය යුතුයි .එසේ තිබේනම් නොපෙනෙන ලෙස තිරයකින් ආවරණය කරන්න.

9.ප්‍රධාන දොරටුව අභියස පිරිසිදු වර්ණවත් පාපිස්සක් තබන්න.

10.ඔබේ නිවසේ බිත්තිවල සහ භාණ්ඩ වල තීන්ත ආලේප කරනවිට කල්පනාකාරී වන්න.මලකඩ පාට,අළු පාට නිවාස තුල ආලේප නොකරන්න.ආලේප කිරීමේදී ඔබ හෝ ඔබේ බිරිදගේ හදහනට අනුව වර්ණ තොර ගැනීම ජ්‍යෝතිෂවේදියෙකු ලවා බලා ගැනීම ඉතා යහපත්ය.

11.දෙමහල් නිවසක් සැදීමේදී වමට තරප්පුව තියන්න එපා.දකුණට ගමන් කරන ලෙස තියන්න .කාලය දකුණට ගමන් කරන නිසා තරප්පුව දකුණට තැබීම්ට වග බලා ගන්න.

12.තනි ලම්පුවකට වඩා එල්ලෙන පොකුරු ලාම්පු ගෙදරට සිරියාව,වාසනාව ගෙනදෙයි.ඒවා පිරිසිදුව තබන්න.මෙවැනි පොකුරු ලාම්පු නිවසට සිරිකත කැන්දයි.


නිවාස අලංකාර කිරීම,අවට පරිසරය සැකසීම සෞභාග්‍ය කැන්දන අතර වටිනා ක්‍රම කිහිපයක් ඔබේ දැනගැනීමට .. 


1. ගෙවත්තේ පිටුපස හෝ වම් කෙලවරට වන්නට සුළං පෙත්තක් සවි කරන්න.මෙය ධනය ඇද ගැනීමට සමත් වේ.

2.ඔබේ නිවසට පළමුවෙන්ම ඇතුල් වීමේදී හොද හැගීමක් දෙන්න.ඔබේ දොරකඩ ඉදිරිපිට නිල් පාට පාපිස්සක් දමන්න.

3.ළමුන්ට ජලය සමග සෙල්ලම් කිරීමට හා හා නාස්ති කිරීමට ඉඩ දෙන්න එපා.ජලය සමග සෙල්ලම් කරන,ජලය නාස්ති කරන ළමයින් බොහෝ දේ ඉල්ලා සිටින අය වේ.

4.අන්නාසි නම් පලතුර හොද වාසනාව විහිදන පලතුරකි .මේ නිසා අන්නාසි ගෙඩියක් මේසය මත අලංකාරයට මෙන් තබන්නේ නම් හොදයි.එමෙන්ම ප්ලාස්ටික් වලින් සාදන ලද පින්තුර වුවත් මුදල් වාසනාව වැඩි කරයි .

5.වතුර හෝ වතුර සම්බන්ධ පින්තුර ඔබේ නිවසට ශක්තිය ගලා එයි.එවිට ඔබේ ජීවනෝපාය සම්බන්ධ වාසනාව වැඩිවේ.ගලන ගගක ,දිය ඇල්ලක පින්තුර මේ සදහා භාවිත කරන්න.

6.දොඩම් සහිත දොඩම් ගසක පින්තුරය වාසනාව ගෙනදෙයි.දොඩම් වට්ටියක් සහිත පින්තුරයක් පෙනෙන්නට තැබීමෙන් ධන වාසනාව වැඩි වේ.

7.මාලු ටැංකි ධන වාසනාව ඇති කරයි.ක්‍රියාශීලි,නිරෝගී ,ලස්සන මසුන් තොරා ගන්න.නිවසේ සිටින සාමාජිකයින් ගණනට අනුව සුරතල් මසුන් ටැංකියට දමන්න.එක මාලුවෙක් මියගියහොත් ඒ වෙනුවට් තවත් මාලුවෙක් දමන්න.ටැංකියේ වතුර පිරිසිදුව තබා ගන්න.ඔක්සිජන් ලබා දෙන්න .මෙය ඉතා ධන වාසනාව ගෙන දේ.

8.හිස් මල් පෝච්චි ගෙවත්තේ තබන්න එපා.එසේ නැත්නම් ඒවා අනෙක් පැත්ත පෙරලා තබන්න.නැතිනම් සරු පැල සිටුවන්න.

9.ඔබේ මුදල් අතුරුදහන් වන සුළු නම් තරමක් බර හෝ ඝන ද්‍රුව්යක් කාමරයේ වම කෙලවරේ තබන්න.

10.අතිරේක ලාම්පුවක් තැබීමද ද හොදයි.

11.ඔබේ මුදල් දමන පෙට්ටිය හෝ අල්මාරිය ,සේප්පුව පරාවර්තනය වන පරිදි මුහුණ බලන කන්නාඩිය ඉදිරියෙන් ඇති බිත්තියක එල්ලන්න.එවිට ඔබේ ධනය ආරක්ෂා වේ.

12.ඔබේ වියදම් පාලනය කරගත නොහැකි තරම් අධික නම් කුඩා පැලයක් වැසිකිලිය තුල තබන්න.

13.ඔබේ නිවසේ අංකය එළියේ සිට හොදින් කියවිය හැකිසේ සකස් කරන්න.මිනිසුන්ට පාරේ සිට නිවසේ අංකය හදුනා ගත නොහැකි නම් වාසනාව ඇතුළු නොවේ.

14.කටු සහිත පතොක් වැනි ගස් මිදුලේ සිටුවීම සුදුසු නැත.

15.ඔබ නැවුම් මල් වලට ආශා කරනවානම් ,ඊට සුදුසු වන්නේ නිවහනේ උතුරු පැත්තයි.මෙහි ජලය ඉතා පිරිසිදුව තබා ගැනීමෙන් ඔබේ ජීවනෝපාය පිලිබදව වාසනාව වැඩිවේ.

16.උණ බට වලින් සැකසු බට නලාවක් ප්‍රධාන දොරටුවෙන් ඇතුලත එල්ලීමෙන් ධන වාසනාව වැඩිවේ.ඒවා රතුපාට පටියකින් එල්ලීම වැඩ වැදගත් වේ.

17.හිල් සහිත රන් පාට කාසි තුනක් රතු රිබන් පටියකින් ගැට ගසා දොරටුව අසල එල්ලන්න.මෙයද වාසනාව හා ධනය ගෙන දෙන්නකි.

18.පරවර්තනය වන නාම පුවරු ,දිලිසෙන දොරවල් හෝ පොලිෂ් කරන ලද දොර අගුලු මුදල් වාසනාව පලවා හරියි.පරාවර්තනය වන කිසිවක් දොර අසල නොතබන්න.

19.ඔබේ මුදල් ගලා ඒම මන්දගාමී ස්වභාවයක් පෙන්වනවානම් වොට් 5 ක සුදු හෝ නිල් බල්බයක් රැය පහන් වන තුරුම දල්වා තබන්න.

20.ඔබේ ප්‍රධාන දොරටුව ඉදිරිපස අගුල අසල කුඩා සීනු කීපයක් එල්ලන්න.සීනු නාදය යනු සෞභාග්‍ය හා ධනය ගෙන ආරංචි අගවන දිව්‍ය නාදයයි .රත්තරන් පාට සීනු රතු පාට නුලකින් ගැට ගසන්න.රන් වර්ණය රතු පසුබිම තුල සෞභාග්‍ය හා වාසනාව නිවසට විහිදුවයි.

21.හැමවිටම තමා ඉන්නා නිවාස පිරිසිදු ස්ථානයක් බවට පත් කරන්න.

22.බඩු භාණ්ඩ නිවැරදි දිසා අනුව ස්ථාන ගත කරන්න.

23.රැවුල කැපීමේදී ජල කරාමය ඇර වතුර අපතේ යවන්න එපා.ඔබේ ධනයද අපතේ යනු ඇත.

24.නිවසින් එලියට ගෙනයන මුදල් ප්‍රමාණය අඩු කරන්න.නිතරම ගෙදරට ගෙනෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න.

25.උදුනක සියලුම ලිප් ක්‍රියාකාරීත්වයෙන් තබා ගන්න.මේ නිසා සැම ලිපක්ම විටින් විට පාවිච්චි කරන්න .

26.ගෙවත්තේ කුරුල්ලන්ට නෑමට කෑම කෑමට ස්ථානයක් පිළියෙළ කිරීම.එවිට සැම පැත්තෙන්ම සෞභාග්‍ය උද වීමට හේතුවේ.

27.මකුළු දැල් තිබීම ඉතා නරකයි .මුදල් ශක්තිය එක තැන පල් වේ.මේ නිසා නිවස කාර්යාලය ආදී ස්ථානවල නිතර මකුළු දැල් රහිතව පවත්වාගෙන යන්න.

28.නිවාස තුල අලංකාර කිරීම සදහා රෙදි තෝරා ගන්නා විට රත්තරන් පාට ඉරි හෝ කොත් ඇති ,රිදී පාට රෙදි , දම් මිශ්‍ර පර ඇති ඒවායින් එකක් හෝ තෝර ගන්න.ඒවා නිවසේ ධනය වැඩි කිරීමට් හේතුවේ.

29.සුරතල් සතුන් යනු මිනිසාගේ හොදම මිතුරන් පමණක් නොවේ අයිතිකරුවන්ට හොද වාසනාව ගෙනදෙන මාර්ගද වේ.එසේ වුවද ගේ ඉදිරිපිට හෝ ඇතුලත බලු කුඩු තියන්න එපා.ඉඩමේ ප්‍රේත පාදය තුල පමණක් බලු කුඩු ස්ථාන ගත කරන්න.

30.ඔබේ නිවසේ ප්‍රධාන දොරටුව බටහිරට පිහිටා ඇත්නම් සපත්තු සෙරෙප්පු ආදිය තැබීමට රාක්කයක් වැනි දෙයක් ගෙට කෙලින්ම නොපෙනෙන ලෙස තියන්න.ඉදිරිපස දොරටුව පැහැදිලිව තබන්න.පාපිස්ස පමණක් තබන්න.


31.නිතරම ඔබේ නිදන කාමරයේ ජනෙල අඩුම ගන්නේ විනාඩි 20ක් වත් විවෘතව තබන්න.එවිට නව ශක්තිය ජීවය ඔබේ කාමරය තුලට ඇතුළු වේ.නැතිනම් ඔබ සැමදාම ඉන්නේ පිළිණු වූ ශක්තිය සමගයි.එවිට ඔබේ ජීවිතේ බලාපොරොත්තුවන වාසනාව සෞභාග්‍ය හා ධනය නොලැබේ.එසේ වන්නේ ක්‍රියාශීලිත්වය ඔබ කෙරෙන් පලා යන බැවිනි .

32.වැසිකිලි ආදිය තුල හොදින් ආලෝකය දල්වන්න.සතියකට වතාවක් හෝ ඉටිපන්දමක් වැසිකිලිය තුල දල්වන්න.එසේ කිරීමෙන් ඒවායේ විෂබීජ බැක්ටීරියා වෛරස් මර්ධනය වන අතර දුර්ගන්ධය පහවයයි .


33.අහාර පිසින උදුන් ලිප් ඉතාමත් පිරිසිදුව තබා ගන්න.උදුන හෝ ලිප වාසනාවේ සහ යහපත් සෞඛ්‍ය කියපාන උදාහරණයකි.ඔබේ ලිප් හෝ උදුන් පිරිසිදුව තබා ගැනීමෙන් ජීවන ශක්තිය හා නිරෝගී කම ගෙනදේ.

34.සැම පැයකට වරක් නාදවන ඔරලෝසු නිවසේ තිබීමෙන් කාලය වටිනා ලෙස හසුරවා ගත හැක.අලුතින් ඔරලෝසුවක් මිලදී ගන්නේනම් බට්ටා සහිත පැයෙන් පැයට නාදවන ඔරලෝසුවක් ගැනීම වැඩ සුභය.
35.ගෙවත්තේ ඵල දරන ගස් සිටුවන්න.ස්වභාවයෙන්ම ඵල දරන ගස් ඔබේ බලාපොරොත්තුද උත්සාහයන්ද ඵල දැරීමට උපකාරී වේ.

36.අසල්වාසී නිවෙස් තුලින් ඔබ කෙරෙහි ඉරිසියාව හෝ ඇස්වහ කටවහ දෝස නිසා හෝ ඔබේ මුදල් දියුණුව ඇනහිට ඇතැයි ඔබට සිතෙන්නේ නම් ප්‍රධාන දොරටුවේ සිට කෙලින්ම පෙනෙන පරිදි මෙවැනි කුකුළෙකුගේ පින්තුරයක් එල්ලන්න.

37.උතුරින් සහ නැගෙනහිරින් වඩා උස් ගස් පිහිටීම නිසා ධනය ලැබීම අඩුවේ.මේ පැතිවල ගස් ඔබේ තාප්පයට වැඩ උස් නොවිය යුතුය.

38.ශීතකරණය ,රෙදි සෝදන යන්ත්‍රය ඉදිරිපිට මුහුණට මුහුණලා ලිප හෝ පෝරණුව ස්ථානගත නොකරන්න.කාලයක් යන විට එයද ධන හානියට හේතුවේ.

39.රත්තරන් පාට කාසි 3ක් රතුපාට කඩදාසියක ඔතා නිවස තුල තිබෙන මේසය මත ඇති මල් වාස් එක යටින් තබන්න.එය නිවස තුල සෞභාග්‍ය හා ධනය වර්ධනය කිරීමට උපකාරී වේ.

40.මැරුණ ගස්වල අතු මල් ආදිය නිවස තුලට ගැනීමෙන් වලකින්න.නරක් වූ එළවලු හෝ පරවුණු මල් ඉවත් කරන්න.මැරුණ ශාක කොටස් අලංකාරයට නොතබන්න.

41.මෙවැනි පිත්තල ලාම්පු සෞභාග්‍ය හා වාසනාව මෙන්ම ඔබේ නිවසට ගාම්භීරත්වයක් එක් කරනු ඇත.

42.ඇත්දළ වලින් කරන ලද භාණ්ඩ අලි ඇතුන්ගේ රුප මුර්ති ඕනේ නිවසට ධනය ,සෞභාග්‍ය හා වාසනාව ගෙනදේ.ඒවා ඉතා පිරිසිදුව තබන්න.

43.නිවසට ඇතුළුවීම සදහා ප්‍රධාන දොරටුවේ සිට විරුද්ධ දිසාවන්ට ගේට්ටුව නොතබන්න.\\\\\\\\\\\\\\\'\\\\\\\\\\\\\\\' U \\\\\\\\\\\\\\\'\\\\\\\\\\\\\\\' අකුරක හැඩයට නිවසට ඇතුළු වීමේ ඉතා අසුභය.මේ ආකාරයට පිහිටා ඇත්නම් වහ වෙනස් කරන්න.

44.ගෙවත්තේ හෝ නිවසේ සාලය තුලමල් පෝච්චියක කුඩා උණ පදුරක් තබන්න.(ප්ලාස්ටික් උවද කම් නැත.)මොටෙයියන් 3 ක් වැඩ සුදුසුයි.එහි පහල කෙලවර රතු මිශ්‍ර රන් පාට කෙදි සහිත රිබන් පටියක් ඔතන්න.

45. සාගරය යනු විශ්වයේ ඇති සුවිශාල වූ ධන උල්පතයි.එය සෞභාග්‍යයේ සංකේතයකි.සාගර වෙරළක රුපය ධනය උපයා ගැනීමට ක්‍රියාශීලිත්වය සපයයි.

46.ඔබේ ව්‍යාපාරික ස්ථානය තුල කොළ වර්ග ,මල් වර්ග ආදී ස්වභාවික පැල තිබේනම් ඒවා කැපු විට සුදු පැහැ කිරි එනවානම් ඒවා ඉවත් කරන්න .එය ඔබේ මුදල් ස්ථාවරය අඩු කරයි.

47.ඔබේ මුදල් ගලා ඒම මන්දගාමිනම් රන්පාට කාසි තුනක් රතුපාට කොලේක ඔතා ඔබේ මුදල් පසුම්භිය තුල තබා ගන්න.

48.ඉරිතැලුණු,මල කෑ පිගන් කෝප්ප පාවිච්චි නොකරන්න.

49.ඔබේ මේසය තබන ස්ථානය ඔබේ රැකියාවේ සාර්ථකත්වය කෙරෙහි බලපායි.මෙය තබන ස්ථානය ලෙස හැකි තරම් දොරටුවෙන් ඇත ස්ථානයක් තෝරා ගන්න.එමෙන්ම දොරටුව හොදින් පෙනෙන ලෙස මෙය ස්ථාන ගත කරන්න.

50.තෙත රෙදි නිවස තුල වනන්න එපා.තෙත යනු සිතේ ශක්තියයි.ඔබේ මුදල් වාසනාව උරා ගනියි.එමෙන්ම තෙත ඇදුම් ඇදීමෙන් ඔබේ සාර්ථකත්වයට හානි ගෙනදේ.

51.ඔබේ නිවසේ ගැබිණි මව්වරුන් සිටිනවානම් මෙවැනි සිතුවමක් ඇගේ කාමරයේ බිත්තියේ එල්ලන්න.නිතරම මෙවැනි සිතුවමක් දකින විට කුසතුල සිටින දරුවාගේ වර්ධනයට උපකාරී වේ

52.නිවාස අලංකාර කිරීම සදහා මෙවැනි සිතුවම් යොදා ගන්නේනම් ඔබ නිවසින් පිටව යන ප්‍රධාන දොරටුව ඉදිරිපස මුණගැසෙන ලෙස යෙදීමෙන් වලකින්න.එය අසුභ ලකුණකි.( 2 රූපය)

53.පරණ බඩු එකතු කරන්න එපා.

54.උදුන හෝ ලිප පිටුපසින් ජනේලයක් තිබීම සුදුසු නැත.විශේෂයෙන් සුළග හමා එන ජනේලය උදුන අසල ඉතා අසුභයි.



වැඩ් විස්තර ඔනෙනම් මේ නොම්බරයට කතා කරල ගන්න පුලුවන්...

0115 15 15 15

තරු පහේ හෝටලයක්‌ව එන නෝවාගේ නැව


තරු පහේ හෝටලයක්‌ව එන නෝවාගේ නැව



ගංවතුරට සුනාමියට ඔරොත්තු දෙයි....!!



සාමාන්ය පෙනුමේ හැටියට එය තරුපහේ හෝටලයක්‌ බව කෙනකුට සිතෙනවා ඇති. එහෙත් එය තරු පහේ හෝටලයක්‌ මෙන් විසි තිස්‌ ගුණයක්‌ විශාලය. සමහර විට තුන් හාර පන්සිය ගුණයක්‌ විශාලය. එහෙමත් නැත්නම් ඊටත් වඩා ලොකුවට එය සෑදිය හැකිය. එයට ඉඩම් ප්රයශ්නයක්‌ නැත. මන්ද එය තිබෙන්නේ මහා සාගරයේය.



සෑම ලෝක විනාශයක්‌ම සිදුවන අතර විශාල ගංවතුරක්‌ ගලන බවට ආගමික කතන්දර වැඩි හරියක එයි. මේ හෝටලයට යන අය ලෝකාන්ත ගංවතුරට බිය විය යුතු නැත. බයිබල් කතන්දරවල එන නෝවාගේ නැවේ නම ආක්‌ය. මේ හෝටලයේ නමත් ආක්‌ය.



ආක්‌ හෝටලය තවමත් පවතින්නේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහ පරිසර වේදීන්ගේත් විද්යාවඥයන්ගේත් සටහන් පොත් සහ පරිගණකවල පර්යේෂණ මට්‌ටමෙනි. හරිත හෝටලයක්‌ ලෙස නම් කෙරී ඇති ආක්‌ හෝටලය තුළ ඇති පරිසරය ගහකොළ වලින් බරවූ උයනක පරිසරය හා සමානය. එහි හැඩය සර්පිලාකාර බෙල්ලකුගෙන් අඩක්‌ හා සමාන එය භූමි කම්පා ගිනිකඳු පිපිරීම් පමණක්‌ නොව සුනාමි වැනි ව්යයසන සඳහාද හොඳම උත්තරය බව විද්වත්තු පෙන්වා දෙති.



මුහුදු ජලය පිරිපහදු කරන අංගයක්‌ මේ හෝටලය සතුව තිබේ. ඊට අමතරව වැහි වතුර එකතු කරන ක්රජමයක්‌ද ඔවුන් සතුය. හෝටලයට අවශ්යැ විදුලි බලය සූර්ය බල පද්ධතියක්‌ මගින් සැපයේ. හෝටලයට අවශ්යද එළවළු සහ පළතුරු හෝටලය තුළම පැළ කරනු ලැබේ. මෙහි බිත්ති සාදා ඇත්තේ විනිවිද පෙනෙන ද්ර ව්යහයකිනි. ඒ නිසා දිවා කාලයේදී හෝටලයට අවශ්ය‌ ආලෝකය සූර්යාලෝකයෙන් ලබාගත හැකිය. ආලෝකයේ අඛණ්‌ඩ තත්ත්වය පවත්වාගෙන යනු පිණිස හෝටලයේ විනිවිද පෙනෙන බිත්ති සාදා ඇත්තේ ස්‌වයංක්රීවයවම පිරිසිදු වන සංයෝගයකිනි.



ආක්‌ හෝටලය සැළසුම් කරන ලද්දේ රුසියාවේ රෙමිස්‌ටුඩියෝ ආයතනයයි.

කඩුපුල් මල් පිපිලා ගෙදර මිදුලම සුවඳයි...


කඩුපුල් මල් පිපිලා ගෙදර මිදුලම සුවඳයි...


කඩුපුල් මල් මම ඇත්තටම දැකලා තිබුණේ නැහැ. නමුත් මීට වසර අටකට පමණ පෙර මගේ පියාණන් ගෙනැවිත් නිවස යාබද මහෝගනී ගහක් අසල ගස්ක කොටයක් මත ඉතාමත් සුරැකිව සහ ආදර බරිත සාත්තු සප්පායම් වලින් සැනසී මීට දින කීපයකට කලින් එහි ප්‍රධාන පත්‍රයකින් මල් හට ගන්නට පටන් ගත්තා. එහි මුල්ම මල් දෙක අද දවස පුරා ටිකෙන් ටික විකසිත වන්නට වුනා. ඔබටත් දැකගන්නට මම එහි ඡායාරූප ටිකෙන් ටික පියවරෙන් පියවර ජංගම දුරකතනයට ලබාගත්තා.එතරම්ම පැහැදිලි නැතිවුනත් බලන්න කැමති සහ නොබලපු හැමෝටම මෙය අලුත් දෙයක් වෙයි. 
මොකද කඩුපුල් කියන්නේ රාත්‍රියේ පිපී රාත්‍රියේම පරවෙන දුරලභ මල් විශේෂයක්.




මේ උදේ 7 ට විතර තත්වය..




මේ උදේ 8.30ට විතර..කෙමෙන් කෙමෙන් පොහොට්ටුව විශාල වෙනවා




මේ උදේ 10 ට විතර..දැන් පොහොට්ටුව අග්ගිස්සෙන් විවර වෙන්න පටන් ගෙන





මේ දහවල් 12 පහුවුනාම..දහවල් රස්නයට මලේ පිපීම නතරවෙලා වගේ




මේ සවස 3 ට විතර...දැන් පොහොට්ටු තවත් තර වෙලා





සවස 5 විතර වෙද්දි මල් පොහොට්ටු ටිකක් විතර බිමට බර වෙන්න පටන් ගත්තා









මේ ඡායාරූප තුනම ගත්තේ රාත්‍රී 7.30ට විතර දැන් කෙමෙන් කෙමෙන් මල් දෙක පිපෙනවා




මේ රාත්‍රී 8.30ට විතර..මේ වෙද්දි මල් දෙක බලන් ඉඳිද්දි පිපෙනවා




පිපීගෙන එන කඩුපුල් මලේ රේණුවල් සමීප ඡායාරූපයක්




දැන් බොහෝදුරට මල් දෙකම පිපිලා





මේ වෙනකොට අහල පහල කීපදෙනෙක්ම බලන්නත් ඇවිත් හිටියා..මේ 9ට විතර




9.30 විතර වෙද්දි තමයි කඩුපුල් මලේ නියම හැඩය මතු වෙන්න ගත්තේ




මේ වෙනකොට මල්වල සුවඳ හොඳටම දැනෙන්න පටන් ගත්තා





හොඳින්ම පිපෙන්න මොහොතකට පෙර රාත්‍රී 10 ට විතර




රාත්‍රී 11 වෙද්දි මල හොඳින්ම පිපෙන්න පටන් අරන් තිබුනා




මල මැද තිබෙන රේනු හොඳින් දිගහැරුණේ මෙන්න මේ වෙලාවේ තමයි




මල්වල බරට ඉත්ත සහ කොලය පහතට නැමිලා තිබුනා




රාත්‍රී 11.30 වෙද්දි හොඳින්ම පිපිණු කඩුපුල් මල් අපේ මිදුලෙම දකින්න අපේ ඇස් පින් කරලා තිබුණා




තාත්තාගේ ජංගම දුරකතනයේ පසුතල ඡායාරූපයටම කියලා ගත්ත ඡායාරූපය




රෑ දොලහ ලංවෙද්දි මල් දෙක කපලා පැන් දෝවනය කරලා බුදුන් විෂයෙහි පූජා කරන්න සූදානම් කලා




ගෙදර අය සේරම අවදියෙන් ඉඳගෙන මේ දුර්ලබ සහ සොඳුරු මොහොතේ අග්‍රඵලය පූජාකරන්නට පෙර 





අවසානයේ ගෙදර සේරම දෙනා කඩුපුල් මල් බුදුන්ට පුද කරලා බුදුන් වැන්දා



කොහොම හරි සුන්දර අත්දැකීමක් විඳින්න වගේම එහි පියවර ඡායාරූපයට නගන්න හැකීවීමත් වටින දෙයක්.අවසානයේ මේ සුන්දර කඩුපුල් මල් බුදුන්ට පූජාකරලා මෙනෙහි කරගත්තේ..


පුප්පං මිලායාති යථායිදම්මේ - කායෝ තතායාථී විනාසභාවන්

(බුදුන් පාමුල මේ මල් මිලිනවන්නාක් සේ අප කයද දිනෙක විනාශයට පත්වේ)


මෙහි ඇති වදගත්කම නිසා Janaranga Dewasurendra සොයුරාගේ බ්ලොග් සටහනකින් උපුටා ගන්නා ලදි.

මරණ දඩුවම හා බන්ධනාගාර ගැන කෙටියෙන්


මරණ දඩුවම හා බන්ධනාගාර ගැන කෙටියෙන් 

මරණ දඩුවම හා බන්ධනාගාර ක්‍රමය ඉතා ඈත අතීතටය දිව යන්නකි . එය අනාදිමත් කාලයක සිට විවිධ ආකාරයෙන් පවත්වාගෙන එන්නකි අද කියන්න හදන්නෙ ඒ මරණ දඩුවම හා බන්ධනාගාර ක්‍රමය ගැන ඔබ නොදත් කරුණු කිහිපයකි . සමහර විට දන්නව වෙන්නත් පුලුවනි දන්න නොදන්න සැමටම.




1790 දී පෙන්සිල්වේනියාවේ බන්ධනාගාරය ආරම්භවී ඇත . බන්ධනාගාර ක්‍රම සංකල්පය ලොවට මුලින්ම හදුන්වා දී ඇත්තේ මෙයිනි .
එම බන්ධනාගාර ක‍්‍රමය තිබූ ආකාරය අනුව රැඳවුම්කරුවන් අවට සමාජයේ ඔවුනොවුන්ගෙන් වෙන් කොට තැබීම ප‍්‍රධාන පරමාර්ථය විය .
බන්ධනාගාර ක‍්‍රමය පහත සඳහන් මූල ධර්මඔස්සේ සකස් විය .

  • රුඳවුම්කරුන්ගෙන් පළිගැනීම මුල් කොට බන්ධනාගාර ජීවිතය සකස් විය යුතු නැත .
  • බන්ධනාගාර ජීවිතය සකස් විය යුක්‍තේ මහන්සි වී වැඩ කරන මාර්ගයෙනි .
  • රැදවුම්කරුවන්ගේ ජීවිතය වෙනස් කිරීමට උපයෝගී කරගෙනය .
  • බන්ධනාගාරයේ අවශේෂ රැදවුම්කරුවන් හා තවත් අය වෙතින් රැඳවුම්කරුවන් කෙරෙහි ඇතිවන නරක බලපෑම අඩු කිරීම හ ඒ අයගේ බලපෑමෙන් ඉවත් කිරීමට තනි කුටි සදා ඇත .
  • හුදෙකලාව සිටින විට රුඳවුම්කරුවන්ට තමාගේ වැරදි ගැන තනිව සිතාමතා පශ්චත්තාප විය හැකිය .
  • මිනිසාසමාජයෙන් ඈත් කොට තනි කොට තිබීම ඔහුට දඩුවමක් වන්නේය .
  • හුදෙකලා සිර දඩුවම ආර්ථික වියදම් හෝ පාඩු සිදුවන බරපතල වරදක් නොවේ . ඉතා විශාල ප‍්‍රමාණයක නිළධාරීන් හෝ මුරකරුවන් රැසක් ඊට අවශ්‍ය වන්නේ නැත . ඇඳුම් පැළඳුම් වලට පවා යන වියදම අඩුය .

1862 දී නිව්යෝක් හි එල්මිරා වල බන්ධනාගාරයක් ආරම්භ කෙරුණි .එම බන්ධනාගාර ක‍්‍රමය තුළ රුඳවුම්කරුවන්පුනරුත්ථාපනය හෝ සංශෝධනය සිදු කළේ අධ්‍යාපනය මගිනි.එල්මිරා වල වැරදිකරුවන් ශ්‍රේණි තුනකට බෙදා බන්ධනාගාරයට ඇතුළත් කර ගන්නා ලදි .හයමසක් කල් ක‍්‍රියාව යහපත්ව සිටියහොත් ඔහු පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කරන අතර අයහපත් චර්යා රටා තුළින් රුඳවුම්කරුවන් තුන්වැනි ශ්‍රේණියට පත් කරනු ලැබේ. ඇමෙරිකාවේ බන්ධනාගාර අදටත් ක‍්‍රමය මාර්ග තුනක් යටතේ සංවිධානය වී ඇත . වරදකරුවන්ගේ වරදේ ප‍්‍රමාණය අනුව මොවුන් බන්ධනාගාරගත කිරීම සිදුවී ඇත .ඒ අනුව වරදකරුවන්ට ලැබිය යුතු වරප‍්‍රසාදයන්හි වර්ග කිරීමක් සිදුකර ඇත . බන්ධනාගාරය අපරාධ කළ විට ලබාදෙන දඩුවමක් ලෙස ක‍්‍රියාත්මක වේ .



උපරිම ආරක්‍ෂාව සහිත බන්ධනාගාර උපරිම ආරක්‍ෂාව සහිත බන්ධනාගාර
  • මධ්‍යම ගණයේ ආරක්‍ෂා සහිත බන්ධනාගාර
  • අවම ආරක්‍ෂා සහිත බන්ධනාගාර
ලංකාවේ ප්‍රධාන බන්ධනාගාර තුන

ලංකාවේ විශාලතම බන්ධනාගාරය වැලිකඩ වේ මේය (Magazine Prison) වර්ගයේ බන්ධනා ගාරයකි .
අක්කර 48 ක ගණ මීටර් (190,000 ම්/2) වපසරියක පිහිටා ඇත .
මේ අධිරාජ්‍ය වාදීන් විසින් දෙශපාලන හිරකරුවන් රදවා තබා ගැනීම සදහා 1841 ඉදිකරන ලද්දකි . මෙයටම සබැදි රෝහලක්ද වේ .

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම බන්ධනාගාරය බෝගම්බර බන්ධනාගාරය වේ මෙයත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාසීන් විසින් 1876 ඉදිකරන ලද්දකි . මහනුවර නගරයේ පිහිටා ඇති මෙය ඉදි කිරීමට වැයවූ මුදල රු -3,65,365.00 ලෙස සදහන් වේ

මහර බන්ධනාගාරය මෙයත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාසීන් විසින් 1875 ඉදිකරන ලද්දකි . රටේ නම ගිය පුද්ගලයෙක් වූ මරදන් කඩවල යකඩයා රදවා තබා ඇත්තේද මෙහිවේ .
මෙය 1902 ජුනි 22 දහවල් 2 ට බන්දනාගාරය බිද ‍රැදවියන් 79 දෙනෙකු පැනගිය බවට වාර්තාවේ .

ලංකාවේ මරණ දඩුවම පිලිබදව කෙටියෙන්

අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න)
මෙහි මරණඩන්ඩනය පිලිබදව පුලුල්ව විග්‍රහකර ඇත .

මෙහෙ ඇති දඩුවම් ක්‍රම සමහරක් (රජ කාලෙ ක්‍රම) වෙනස්කර ඇත්තේ ඉංග්‍රීසින් ලංකාව ආක්‍රමනය කිරිමෙන් පසුව බව සදහන් වේ වර්තමානයේ පවතින එල්ලා මැරීම හදුන්වා දී ඇත්තේ ඉංග්‍රීසීන් විසින් වේ . 

ලංකාවේ එල්ලුම ගහ ගැන



  • 1779 සැප්තැම්බර් මස 23දා පණ නිරුද්ධ වනතුරු එල්ලා මැරීමේ ක්‍රමය ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
  • 1779 සැප්තැම්බර් 23 මරණ දඩුවම පිළිබඳ ආඥා පනත සම්මත වෙලා.
  • 1802දී පණ නිරුද්ධ වනතුරු එල්ලා මැරීමේ ක්‍රමය නීති සඔග්‍රහයට ඇතුලත් කර ඇත . එතැන් සිට රජ කාලේ දඩුවම් තහනම් වෙලා.
  • එහෙත් 1818 නොවැම්බර් 26දා මහනුවර කැරැල්ලෙදි අල්ලගත්ත කැප්පෙටිපොල නිල්මෙතුමා හිස ගසා මරලා තියෙන්නේ ඉඔග්‍රීසි ජාතිකයන් විසින්ම තමන්ගෙ නීති කඩමින් බව සදන් වේ .
  • බන්ධනාගාර ඉතිහාසයේ මුලින්ම එල්ලුම්ගහ ක්‍රියාත්මක කරලා තියෙන්නේ 1812 පෙබරවාරි 10 මුල්ම පෝරකය හදලා තියෙන්නේ එලිමහනෙ .
  • ඉංගිරියේ කලු අප්පු යන අය මුලින්ම එල්ලලා තියෙන්නේ. ඒ පෑලියගොඩ නගරයේ ඉදිකරපු තාවකාලික එල්ලුම්ගසක් යොදා ගනිමින් .
  • එල්ලුම් ගහට නියම වුනු පළමු කාන්තාව ඩිංගිරි මැණිකා , ඒහෙත් අවසානයෙ ඇයටකා ට ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් ලැබී ඇත්තේ සිය කුඩා දරුවා නිසා බව කියැවේ .
  • 1871 මැයි 25 මුල්ම පෝරකය බන්ධනාගාරයක් තුල වැලිකඩ බන්ධනාගාරයේ ඉදිකර ඇත .
  • බන්ධනාගාරයේ අවසාන වරට එල්ලලා තියෙන්නේ 1976 ජුනි 23. ඒ ජේ.එම්. චන්ද්‍රදාස (හොද පපුවා) යන අයෙකි මොහු තිස්සමහාරාම යෝධකන්ඩිය ප්‍රදේශයේ විසූ අයෙකි .
  • බෝගම්බර අවසන් වරට එල්ලා මරණ ලද්දැයි සදහන් වන්නේ ටී.එම්.ජයරත්න හා ඩී.රිචඩ් . යන අයයී ඒ 1975 නොවැම්බර් 20 සහ 21 දවස් දෙකේදිය .

මෙතෙක් ලංකාවෙදි එල්ලලා මරණ ලද පිරිස මෙසේය .


1885-1916 දක්වා 850යි

1917-1922 දක්වා 266යි

1923-1941 දක්වා 663යි

1946___ වර්ෂයේදි 33යි

1947-1956 දක්වා 258යි

1961-1976 දක්වා 106යි
එකතුව 2173 යි .

ශ්‍රී ලංකාවේ දැනට පවතින එල්ලුම් ගස් දෙකක් වේ එකක් පිහිටා ඇත්තේ මා කලින් සදහන් කල ලංකාවේ විශාලතම බන්ධනාගාරය වන වැලිකඩ බන්ධනාගාරයේය . අනික බෝගම්බරය . සදහන් වන ආකාරයට මේ දෙකම අදටත් හොද සක්‍රීය තත්වයේ ඇත .


ලොව නිපදවා ඇති විශාලතම කාලතුවක්කුව - Gustav Gun


ලොව නිපදවා ඇති විශාලතම කාලතුවක්කුව - Gustav Gun 



කාල තුවක්කු යනු යුද අවස්ථාවන්හි ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන අවියකි මෙය යුධ ප්‍රහාර සදහා ක්‍රමවත්ව යොදා ගන්නේ පළමු වැනි ලෝක යුද්ධ සමයේ සිට බව සදනන් වේ . කාල තුවක්කු වල අතීතය ඈතට දිව යන්නකි . දෙවන ලෝක යුධ සමයේ නිපදවා ඇති ගුස්ටාව් ගන් (Gustav Gun) නැමති කාලතුවක්කුව එතෙක් මෙතෙක් ලොව නිපදවා ඇති විශාලතම කාලතුවක්කුව වේ . මේ ඒ ගැන සොයා බැලීමකි .

මෙය Railway Gun එකකි . තුවක්කුව විශාල නිසා ප්‍රවාහනය පහසු කරනු පිණිස තුවක්කුව වෙනුවෙන්ම සැකසූ දුම්රිය එන්ජිමක් සහිත යන්ත්‍රයක ස්ථාපිත කර ඇත . තැනින් තැනට ‍රැගෙන යාමට රේල් පාර ඉදිකිරීමටද සිදුව ඇත .

(Gustav Gun) හි චායාරූපයක්

මෙය ක්‍රියා කරවීම සදහා එකවර 500 ක හමුදා පිරිසක් අවශ්‍යය වී ඇතැයි කියවේ . තුවක්කුව භාර අණදෙන නිලධාරියා මේජර් ජෙනරාල් නිලයේ නිලධාරියෙක් වී ඇත .
තුවක්කුවේ මුලු බර යාන්ත්‍රික කොටස් සමග ටොන් 1350 හා දිගින් අඩි 155 අගල් 2 (මීටර් 47.3) සදහන්

තුවක්කුවේ කැලිබරය (බටයේ ධාරිතාව) මිලි මීටර් 800 ක් (අඟල් 31.5 ) විය .
එම උණ්ඩ වෙඩි තැබීම සඳහා එක වරකට වෙඩි බෙහෙත් කිලෝ ග්‍රෑම් 1360 ක් සහිත චාජර් එකක් යොදවන ලද අතර කිලෝ ග්‍රෑම් 4800 සහ කිලෝ ග්‍රෑම් 7500 යන වර්ග දෙකේ උණ්ඩ වෙඩි තබා ඇත .


(Gustav Gun) බාවිතාකල උන්ඩ



මෙයින් කිලෝමීටර් 47ක පමණ දුරකට වෙඩි තියන්නට හැකියාව තිබී ඇත . මේ උන්ඩයක ප්‍රබලත්වය කෙතරම්දයත් කිලෝ 4800 උණ්ඩය මගින් අඩි 30 ක විෂ්කම්බය තිබෙන අඩි 30 ක් ගැඹුරු ආවාටයක් හටගන්නා බව සදහන් . එමෙන්ම අඩි 264 ක් ඝනකම කොන්ක්‍රීට් එකක් විනිවිද යන්න පුළුවන් හැකියාව තිබී ඇත උණ්ඩය තුවක්කුවෙන් පිටවෙන්නේ තත්පරයකට අඩි 2750 ක වේගයෙන් යැයි සදහන් වේ .


(Gustav Gun) තුවක්තුවෙන් වෙඩිතබනා චායාරූපයක්

‘ගුස්ටාව් ගන්’ මෙය නිපදවා ඇත්තේ 1930 දෙවන ලෝක යුධ සමයේය . ‍ෆ්‍රීඩ්‍රික් කූප් මෙහි නිර්මාතෘ වේ . කූප් පවුලේ ශ්‍රේෂ්ඨ නිර්මාපකයකු වූ ‘ගුස්ටාව්’ නමින් තුවක්කුව නම් කර ඇත . මෙය නිර්මාණයට හිට්ලර් උනන්දු වී ඇත්තේ එවකට ප්‍රංශය විසින් දෙශසීමාවේ ඉදිකර තිබූ (මැගිනොර්ට් ලයින් ෆෝර්ට්) නැමති බංකර් ක්‍රමය විනාශ කිරීමට බව සදහන්ය .
මේ වර්ගයේ තුවක්කු 2ක් නිර්මාණය කර ඇත හිට්ලර් මෙයින් තුවක්කු 3ක් ඇණයුම් කලත් 3න් වෙනි තුවක්කුව නිමකිරීමට පෙර ජර්මනිය පරාජයට පත්වී ඇත . බ්‍රිතාන්‍ය හමුදාව විසින් නිර්මාණය කරමින් තිබූ තුන්වැන්න කර්මාන්ත ශාලාව තුලදීම විනාශකාර ඇත . පළමුවැන්න එහි නිර්මාතෘගේ වියදමින් නිමවන ලදී දෙවැන්න නිමකිරීම සදහා ජර්මන් මාර්ක් මිලියන 7 ක වියදමක් දරා ඇත . දෙවැනි තුවක්කුව එහි නිර්මාතෘගේ බිරිඳගේ නමින් ‘ඩෝරා’ කියලා නම් කරන ලදී .
ජර්මනිය යුද්ධයෙන් පරදවීගන යන විට මේ තුවක්කු දෙකම පුපුරව විනාශකර ඇතැයි සදහන් වේ .


(Gustav Gun) දෙවන තුවක්කුව ඩෝරා විනාශකර දැමීමෙන් පසු



මේ එහි ආකෘතියකි


මූලාශ්‍රය හා Gustav Gun ගැන විකිපිඩියාවේ සදහන් වන තොරතුරු .
ස්තුතියි - සජාන්