October 9, 2013

තරු පහේ හෝටලයක්‌ව එන නෝවාගේ නැව


තරු පහේ හෝටලයක්‌ව එන නෝවාගේ නැව



ගංවතුරට සුනාමියට ඔරොත්තු දෙයි....!!



සාමාන්ය පෙනුමේ හැටියට එය තරුපහේ හෝටලයක්‌ බව කෙනකුට සිතෙනවා ඇති. එහෙත් එය තරු පහේ හෝටලයක්‌ මෙන් විසි තිස්‌ ගුණයක්‌ විශාලය. සමහර විට තුන් හාර පන්සිය ගුණයක්‌ විශාලය. එහෙමත් නැත්නම් ඊටත් වඩා ලොකුවට එය සෑදිය හැකිය. එයට ඉඩම් ප්රයශ්නයක්‌ නැත. මන්ද එය තිබෙන්නේ මහා සාගරයේය.



සෑම ලෝක විනාශයක්‌ම සිදුවන අතර විශාල ගංවතුරක්‌ ගලන බවට ආගමික කතන්දර වැඩි හරියක එයි. මේ හෝටලයට යන අය ලෝකාන්ත ගංවතුරට බිය විය යුතු නැත. බයිබල් කතන්දරවල එන නෝවාගේ නැවේ නම ආක්‌ය. මේ හෝටලයේ නමත් ආක්‌ය.



ආක්‌ හෝටලය තවමත් පවතින්නේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහ පරිසර වේදීන්ගේත් විද්යාවඥයන්ගේත් සටහන් පොත් සහ පරිගණකවල පර්යේෂණ මට්‌ටමෙනි. හරිත හෝටලයක්‌ ලෙස නම් කෙරී ඇති ආක්‌ හෝටලය තුළ ඇති පරිසරය ගහකොළ වලින් බරවූ උයනක පරිසරය හා සමානය. එහි හැඩය සර්පිලාකාර බෙල්ලකුගෙන් අඩක්‌ හා සමාන එය භූමි කම්පා ගිනිකඳු පිපිරීම් පමණක්‌ නොව සුනාමි වැනි ව්යයසන සඳහාද හොඳම උත්තරය බව විද්වත්තු පෙන්වා දෙති.



මුහුදු ජලය පිරිපහදු කරන අංගයක්‌ මේ හෝටලය සතුව තිබේ. ඊට අමතරව වැහි වතුර එකතු කරන ක්රජමයක්‌ද ඔවුන් සතුය. හෝටලයට අවශ්යැ විදුලි බලය සූර්ය බල පද්ධතියක්‌ මගින් සැපයේ. හෝටලයට අවශ්යද එළවළු සහ පළතුරු හෝටලය තුළම පැළ කරනු ලැබේ. මෙහි බිත්ති සාදා ඇත්තේ විනිවිද පෙනෙන ද්ර ව්යහයකිනි. ඒ නිසා දිවා කාලයේදී හෝටලයට අවශ්ය‌ ආලෝකය සූර්යාලෝකයෙන් ලබාගත හැකිය. ආලෝකයේ අඛණ්‌ඩ තත්ත්වය පවත්වාගෙන යනු පිණිස හෝටලයේ විනිවිද පෙනෙන බිත්ති සාදා ඇත්තේ ස්‌වයංක්රීවයවම පිරිසිදු වන සංයෝගයකිනි.



ආක්‌ හෝටලය සැළසුම් කරන ලද්දේ රුසියාවේ රෙමිස්‌ටුඩියෝ ආයතනයයි.

No comments: