October 9, 2013

වාස්තු විද්‍යාව

වාස්තු විද්‍යාව



මේ දවස්වල අපේ කට්ටිය ටිකක් උනන්දු වන Subject එකක් ගැන පොඩි විස්තරයක් දෙන්න හිතුනා..... ලගදි පෙලවහක් එහෙම කරගන්නවනම්.. ගෙයක් දොරක් එහෙම හදාගන්න හිතගෙන ඉන්න අයට නම් ටිකක් වදගත් වෙන Topic එකක්. බලමුකො එහෙනම්...



නිවසක් සැදීමට අප සිතන විට නිරන්තරයෙන් සිහියට නැගෙන සිතුවිලි වන්නේ ප්‍රථමයෙන් ඉඩමක් මිලදී ගැනීම,නිවාස සැදීම,ගෙට ගෙවදීම යන දේවල්ය.මේ සියලුම දේවල් නැකතට අනුව කිරීම ජ්‍යෝතිෂ්‍යයේ මෙන්ම වාස්තු විද්‍යාවේද සදහන් නියමයකි.ඒ අනුව කටයුතු කරන්නන්හට හැකියාවන් මෙන්ම නිරෝගීකම ,ක්‍රියාශීලි ජීවිතයක් ගත කිරීම තුලින් සෞභාග්‍ය හා ධනය පිරි දිවියකට මග පැදෙන බව වස්තු විද්‍යාව තුලින් සනාථ වන කරුණකි.නිවසක් සදන්නට පෙර මිලදී ගන්නා ඉඩම පිලිබදවත් ,නිවස සැදීමේදී තම හදහනට අනුව සුදුසු නැකත් තෝරා ගැනීමත් ,නිවස අවසානය දක්වා වැඩ නිමකිරීම තෙක්ම ජ්‍යෝතිෂ්‍යවේදියෙකුගේ සහය ලබා ගැනීමත් ඉතා වටිනා කරුණක් ලෙස හැදින්විය හැක.

ෆෙන්ෂුඉක්‍රමවේදය

ෆෙන්ෂුඉ ක්‍රමවේදයට අනුකුලව නිවසක් පවත්වාගෙන යාමෙන් එම නිවසට සෞභාග්‍ය හා වාසනාව උදාවේ.එයට හේතුව ක්‍රමවත් පරිසරයක් හා නිවසක් තුල නිරෝගී ජීවිතයක් ගත කිරීමට හැකි බැවින් එය ඔබගේ ක්‍රියශිලිත්වයට මග පාදයි.එය ධනය ලැබීමේ මාර්ගයයි.මෙහි ඇති ක්‍රම අනුගමනය කිරීමට උත්සහ කරන්න


නිවසක් පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග .

1.කොසු ,ඉදල්,රෙදි මුස්න ආදිය නොපෙනෙන ලෙස තබන්න.පවුල් ජීවිකාව ,රැකියාව අතුගැවී යාම වැළකේ.

2.නිවසේ නාන කාමරයේ ජල කරාම කාන්දු වීමට ඉඩ නොතබන්න.ජල කරාම කාන්දු වීම යනු ධනය කාන්දු වීමයි.

3.කැඩුණු ඔරලෝසු ඉවත් කරන්න .ඔරලෝසු ක්‍රියා විරහිත නම් මුල්‍ය තත්වයද ඇන හිටි.

4.මිදුල අතුගානවිට එය නිවස පැත්තට කල යුතුයි.එළිය පැත්තට අතුගෑමෙන් ධනය අඩුවීමක් ඇතිවේ .

5.සියලුම දොරවල් සම්පුර්ණයෙන් විවෘත කරන්න.දොර අඩක් විවෘත කිරීමෙන් සුඛෝපබෝගී ජීවිතයක් ගත කිරීමට බාධා පැමිණේ.

6.තරප්පු පෙළ අසල බිත්තියේ පින්තුර එල්ලන විට සරල රේඛාවක ආකාරයට දිගට එල්ලන්න.

7.නිවසේ මුදල් සේප්පුව හෝ අල්මාරි ගිනිකොණ දෙසට තබන්න .

8.ප්‍රධාන දොරවල් ඉදිරියේ ලිප් හා පෝරණු නොපෙනිය යුතුයි .එසේ තිබේනම් නොපෙනෙන ලෙස තිරයකින් ආවරණය කරන්න.

9.ප්‍රධාන දොරටුව අභියස පිරිසිදු වර්ණවත් පාපිස්සක් තබන්න.

10.ඔබේ නිවසේ බිත්තිවල සහ භාණ්ඩ වල තීන්ත ආලේප කරනවිට කල්පනාකාරී වන්න.මලකඩ පාට,අළු පාට නිවාස තුල ආලේප නොකරන්න.ආලේප කිරීමේදී ඔබ හෝ ඔබේ බිරිදගේ හදහනට අනුව වර්ණ තොර ගැනීම ජ්‍යෝතිෂවේදියෙකු ලවා බලා ගැනීම ඉතා යහපත්ය.

11.දෙමහල් නිවසක් සැදීමේදී වමට තරප්පුව තියන්න එපා.දකුණට ගමන් කරන ලෙස තියන්න .කාලය දකුණට ගමන් කරන නිසා තරප්පුව දකුණට තැබීම්ට වග බලා ගන්න.

12.තනි ලම්පුවකට වඩා එල්ලෙන පොකුරු ලාම්පු ගෙදරට සිරියාව,වාසනාව ගෙනදෙයි.ඒවා පිරිසිදුව තබන්න.මෙවැනි පොකුරු ලාම්පු නිවසට සිරිකත කැන්දයි.


නිවාස අලංකාර කිරීම,අවට පරිසරය සැකසීම සෞභාග්‍ය කැන්දන අතර වටිනා ක්‍රම කිහිපයක් ඔබේ දැනගැනීමට .. 


1. ගෙවත්තේ පිටුපස හෝ වම් කෙලවරට වන්නට සුළං පෙත්තක් සවි කරන්න.මෙය ධනය ඇද ගැනීමට සමත් වේ.

2.ඔබේ නිවසට පළමුවෙන්ම ඇතුල් වීමේදී හොද හැගීමක් දෙන්න.ඔබේ දොරකඩ ඉදිරිපිට නිල් පාට පාපිස්සක් දමන්න.

3.ළමුන්ට ජලය සමග සෙල්ලම් කිරීමට හා හා නාස්ති කිරීමට ඉඩ දෙන්න එපා.ජලය සමග සෙල්ලම් කරන,ජලය නාස්ති කරන ළමයින් බොහෝ දේ ඉල්ලා සිටින අය වේ.

4.අන්නාසි නම් පලතුර හොද වාසනාව විහිදන පලතුරකි .මේ නිසා අන්නාසි ගෙඩියක් මේසය මත අලංකාරයට මෙන් තබන්නේ නම් හොදයි.එමෙන්ම ප්ලාස්ටික් වලින් සාදන ලද පින්තුර වුවත් මුදල් වාසනාව වැඩි කරයි .

5.වතුර හෝ වතුර සම්බන්ධ පින්තුර ඔබේ නිවසට ශක්තිය ගලා එයි.එවිට ඔබේ ජීවනෝපාය සම්බන්ධ වාසනාව වැඩිවේ.ගලන ගගක ,දිය ඇල්ලක පින්තුර මේ සදහා භාවිත කරන්න.

6.දොඩම් සහිත දොඩම් ගසක පින්තුරය වාසනාව ගෙනදෙයි.දොඩම් වට්ටියක් සහිත පින්තුරයක් පෙනෙන්නට තැබීමෙන් ධන වාසනාව වැඩි වේ.

7.මාලු ටැංකි ධන වාසනාව ඇති කරයි.ක්‍රියාශීලි,නිරෝගී ,ලස්සන මසුන් තොරා ගන්න.නිවසේ සිටින සාමාජිකයින් ගණනට අනුව සුරතල් මසුන් ටැංකියට දමන්න.එක මාලුවෙක් මියගියහොත් ඒ වෙනුවට් තවත් මාලුවෙක් දමන්න.ටැංකියේ වතුර පිරිසිදුව තබා ගන්න.ඔක්සිජන් ලබා දෙන්න .මෙය ඉතා ධන වාසනාව ගෙන දේ.

8.හිස් මල් පෝච්චි ගෙවත්තේ තබන්න එපා.එසේ නැත්නම් ඒවා අනෙක් පැත්ත පෙරලා තබන්න.නැතිනම් සරු පැල සිටුවන්න.

9.ඔබේ මුදල් අතුරුදහන් වන සුළු නම් තරමක් බර හෝ ඝන ද්‍රුව්යක් කාමරයේ වම කෙලවරේ තබන්න.

10.අතිරේක ලාම්පුවක් තැබීමද ද හොදයි.

11.ඔබේ මුදල් දමන පෙට්ටිය හෝ අල්මාරිය ,සේප්පුව පරාවර්තනය වන පරිදි මුහුණ බලන කන්නාඩිය ඉදිරියෙන් ඇති බිත්තියක එල්ලන්න.එවිට ඔබේ ධනය ආරක්ෂා වේ.

12.ඔබේ වියදම් පාලනය කරගත නොහැකි තරම් අධික නම් කුඩා පැලයක් වැසිකිලිය තුල තබන්න.

13.ඔබේ නිවසේ අංකය එළියේ සිට හොදින් කියවිය හැකිසේ සකස් කරන්න.මිනිසුන්ට පාරේ සිට නිවසේ අංකය හදුනා ගත නොහැකි නම් වාසනාව ඇතුළු නොවේ.

14.කටු සහිත පතොක් වැනි ගස් මිදුලේ සිටුවීම සුදුසු නැත.

15.ඔබ නැවුම් මල් වලට ආශා කරනවානම් ,ඊට සුදුසු වන්නේ නිවහනේ උතුරු පැත්තයි.මෙහි ජලය ඉතා පිරිසිදුව තබා ගැනීමෙන් ඔබේ ජීවනෝපාය පිලිබදව වාසනාව වැඩිවේ.

16.උණ බට වලින් සැකසු බට නලාවක් ප්‍රධාන දොරටුවෙන් ඇතුලත එල්ලීමෙන් ධන වාසනාව වැඩිවේ.ඒවා රතුපාට පටියකින් එල්ලීම වැඩ වැදගත් වේ.

17.හිල් සහිත රන් පාට කාසි තුනක් රතු රිබන් පටියකින් ගැට ගසා දොරටුව අසල එල්ලන්න.මෙයද වාසනාව හා ධනය ගෙන දෙන්නකි.

18.පරවර්තනය වන නාම පුවරු ,දිලිසෙන දොරවල් හෝ පොලිෂ් කරන ලද දොර අගුලු මුදල් වාසනාව පලවා හරියි.පරාවර්තනය වන කිසිවක් දොර අසල නොතබන්න.

19.ඔබේ මුදල් ගලා ඒම මන්දගාමී ස්වභාවයක් පෙන්වනවානම් වොට් 5 ක සුදු හෝ නිල් බල්බයක් රැය පහන් වන තුරුම දල්වා තබන්න.

20.ඔබේ ප්‍රධාන දොරටුව ඉදිරිපස අගුල අසල කුඩා සීනු කීපයක් එල්ලන්න.සීනු නාදය යනු සෞභාග්‍ය හා ධනය ගෙන ආරංචි අගවන දිව්‍ය නාදයයි .රත්තරන් පාට සීනු රතු පාට නුලකින් ගැට ගසන්න.රන් වර්ණය රතු පසුබිම තුල සෞභාග්‍ය හා වාසනාව නිවසට විහිදුවයි.

21.හැමවිටම තමා ඉන්නා නිවාස පිරිසිදු ස්ථානයක් බවට පත් කරන්න.

22.බඩු භාණ්ඩ නිවැරදි දිසා අනුව ස්ථාන ගත කරන්න.

23.රැවුල කැපීමේදී ජල කරාමය ඇර වතුර අපතේ යවන්න එපා.ඔබේ ධනයද අපතේ යනු ඇත.

24.නිවසින් එලියට ගෙනයන මුදල් ප්‍රමාණය අඩු කරන්න.නිතරම ගෙදරට ගෙනෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න.

25.උදුනක සියලුම ලිප් ක්‍රියාකාරීත්වයෙන් තබා ගන්න.මේ නිසා සැම ලිපක්ම විටින් විට පාවිච්චි කරන්න .

26.ගෙවත්තේ කුරුල්ලන්ට නෑමට කෑම කෑමට ස්ථානයක් පිළියෙළ කිරීම.එවිට සැම පැත්තෙන්ම සෞභාග්‍ය උද වීමට හේතුවේ.

27.මකුළු දැල් තිබීම ඉතා නරකයි .මුදල් ශක්තිය එක තැන පල් වේ.මේ නිසා නිවස කාර්යාලය ආදී ස්ථානවල නිතර මකුළු දැල් රහිතව පවත්වාගෙන යන්න.

28.නිවාස තුල අලංකාර කිරීම සදහා රෙදි තෝරා ගන්නා විට රත්තරන් පාට ඉරි හෝ කොත් ඇති ,රිදී පාට රෙදි , දම් මිශ්‍ර පර ඇති ඒවායින් එකක් හෝ තෝර ගන්න.ඒවා නිවසේ ධනය වැඩි කිරීමට් හේතුවේ.

29.සුරතල් සතුන් යනු මිනිසාගේ හොදම මිතුරන් පමණක් නොවේ අයිතිකරුවන්ට හොද වාසනාව ගෙනදෙන මාර්ගද වේ.එසේ වුවද ගේ ඉදිරිපිට හෝ ඇතුලත බලු කුඩු තියන්න එපා.ඉඩමේ ප්‍රේත පාදය තුල පමණක් බලු කුඩු ස්ථාන ගත කරන්න.

30.ඔබේ නිවසේ ප්‍රධාන දොරටුව බටහිරට පිහිටා ඇත්නම් සපත්තු සෙරෙප්පු ආදිය තැබීමට රාක්කයක් වැනි දෙයක් ගෙට කෙලින්ම නොපෙනෙන ලෙස තියන්න.ඉදිරිපස දොරටුව පැහැදිලිව තබන්න.පාපිස්ස පමණක් තබන්න.


31.නිතරම ඔබේ නිදන කාමරයේ ජනෙල අඩුම ගන්නේ විනාඩි 20ක් වත් විවෘතව තබන්න.එවිට නව ශක්තිය ජීවය ඔබේ කාමරය තුලට ඇතුළු වේ.නැතිනම් ඔබ සැමදාම ඉන්නේ පිළිණු වූ ශක්තිය සමගයි.එවිට ඔබේ ජීවිතේ බලාපොරොත්තුවන වාසනාව සෞභාග්‍ය හා ධනය නොලැබේ.එසේ වන්නේ ක්‍රියාශීලිත්වය ඔබ කෙරෙන් පලා යන බැවිනි .

32.වැසිකිලි ආදිය තුල හොදින් ආලෝකය දල්වන්න.සතියකට වතාවක් හෝ ඉටිපන්දමක් වැසිකිලිය තුල දල්වන්න.එසේ කිරීමෙන් ඒවායේ විෂබීජ බැක්ටීරියා වෛරස් මර්ධනය වන අතර දුර්ගන්ධය පහවයයි .


33.අහාර පිසින උදුන් ලිප් ඉතාමත් පිරිසිදුව තබා ගන්න.උදුන හෝ ලිප වාසනාවේ සහ යහපත් සෞඛ්‍ය කියපාන උදාහරණයකි.ඔබේ ලිප් හෝ උදුන් පිරිසිදුව තබා ගැනීමෙන් ජීවන ශක්තිය හා නිරෝගී කම ගෙනදේ.

34.සැම පැයකට වරක් නාදවන ඔරලෝසු නිවසේ තිබීමෙන් කාලය වටිනා ලෙස හසුරවා ගත හැක.අලුතින් ඔරලෝසුවක් මිලදී ගන්නේනම් බට්ටා සහිත පැයෙන් පැයට නාදවන ඔරලෝසුවක් ගැනීම වැඩ සුභය.
35.ගෙවත්තේ ඵල දරන ගස් සිටුවන්න.ස්වභාවයෙන්ම ඵල දරන ගස් ඔබේ බලාපොරොත්තුද උත්සාහයන්ද ඵල දැරීමට උපකාරී වේ.

36.අසල්වාසී නිවෙස් තුලින් ඔබ කෙරෙහි ඉරිසියාව හෝ ඇස්වහ කටවහ දෝස නිසා හෝ ඔබේ මුදල් දියුණුව ඇනහිට ඇතැයි ඔබට සිතෙන්නේ නම් ප්‍රධාන දොරටුවේ සිට කෙලින්ම පෙනෙන පරිදි මෙවැනි කුකුළෙකුගේ පින්තුරයක් එල්ලන්න.

37.උතුරින් සහ නැගෙනහිරින් වඩා උස් ගස් පිහිටීම නිසා ධනය ලැබීම අඩුවේ.මේ පැතිවල ගස් ඔබේ තාප්පයට වැඩ උස් නොවිය යුතුය.

38.ශීතකරණය ,රෙදි සෝදන යන්ත්‍රය ඉදිරිපිට මුහුණට මුහුණලා ලිප හෝ පෝරණුව ස්ථානගත නොකරන්න.කාලයක් යන විට එයද ධන හානියට හේතුවේ.

39.රත්තරන් පාට කාසි 3ක් රතුපාට කඩදාසියක ඔතා නිවස තුල තිබෙන මේසය මත ඇති මල් වාස් එක යටින් තබන්න.එය නිවස තුල සෞභාග්‍ය හා ධනය වර්ධනය කිරීමට උපකාරී වේ.

40.මැරුණ ගස්වල අතු මල් ආදිය නිවස තුලට ගැනීමෙන් වලකින්න.නරක් වූ එළවලු හෝ පරවුණු මල් ඉවත් කරන්න.මැරුණ ශාක කොටස් අලංකාරයට නොතබන්න.

41.මෙවැනි පිත්තල ලාම්පු සෞභාග්‍ය හා වාසනාව මෙන්ම ඔබේ නිවසට ගාම්භීරත්වයක් එක් කරනු ඇත.

42.ඇත්දළ වලින් කරන ලද භාණ්ඩ අලි ඇතුන්ගේ රුප මුර්ති ඕනේ නිවසට ධනය ,සෞභාග්‍ය හා වාසනාව ගෙනදේ.ඒවා ඉතා පිරිසිදුව තබන්න.

43.නිවසට ඇතුළුවීම සදහා ප්‍රධාන දොරටුවේ සිට විරුද්ධ දිසාවන්ට ගේට්ටුව නොතබන්න.\\\\\\\\\\\\\\\'\\\\\\\\\\\\\\\' U \\\\\\\\\\\\\\\'\\\\\\\\\\\\\\\' අකුරක හැඩයට නිවසට ඇතුළු වීමේ ඉතා අසුභය.මේ ආකාරයට පිහිටා ඇත්නම් වහ වෙනස් කරන්න.

44.ගෙවත්තේ හෝ නිවසේ සාලය තුලමල් පෝච්චියක කුඩා උණ පදුරක් තබන්න.(ප්ලාස්ටික් උවද කම් නැත.)මොටෙයියන් 3 ක් වැඩ සුදුසුයි.එහි පහල කෙලවර රතු මිශ්‍ර රන් පාට කෙදි සහිත රිබන් පටියක් ඔතන්න.

45. සාගරය යනු විශ්වයේ ඇති සුවිශාල වූ ධන උල්පතයි.එය සෞභාග්‍යයේ සංකේතයකි.සාගර වෙරළක රුපය ධනය උපයා ගැනීමට ක්‍රියාශීලිත්වය සපයයි.

46.ඔබේ ව්‍යාපාරික ස්ථානය තුල කොළ වර්ග ,මල් වර්ග ආදී ස්වභාවික පැල තිබේනම් ඒවා කැපු විට සුදු පැහැ කිරි එනවානම් ඒවා ඉවත් කරන්න .එය ඔබේ මුදල් ස්ථාවරය අඩු කරයි.

47.ඔබේ මුදල් ගලා ඒම මන්දගාමිනම් රන්පාට කාසි තුනක් රතුපාට කොලේක ඔතා ඔබේ මුදල් පසුම්භිය තුල තබා ගන්න.

48.ඉරිතැලුණු,මල කෑ පිගන් කෝප්ප පාවිච්චි නොකරන්න.

49.ඔබේ මේසය තබන ස්ථානය ඔබේ රැකියාවේ සාර්ථකත්වය කෙරෙහි බලපායි.මෙය තබන ස්ථානය ලෙස හැකි තරම් දොරටුවෙන් ඇත ස්ථානයක් තෝරා ගන්න.එමෙන්ම දොරටුව හොදින් පෙනෙන ලෙස මෙය ස්ථාන ගත කරන්න.

50.තෙත රෙදි නිවස තුල වනන්න එපා.තෙත යනු සිතේ ශක්තියයි.ඔබේ මුදල් වාසනාව උරා ගනියි.එමෙන්ම තෙත ඇදුම් ඇදීමෙන් ඔබේ සාර්ථකත්වයට හානි ගෙනදේ.

51.ඔබේ නිවසේ ගැබිණි මව්වරුන් සිටිනවානම් මෙවැනි සිතුවමක් ඇගේ කාමරයේ බිත්තියේ එල්ලන්න.නිතරම මෙවැනි සිතුවමක් දකින විට කුසතුල සිටින දරුවාගේ වර්ධනයට උපකාරී වේ

52.නිවාස අලංකාර කිරීම සදහා මෙවැනි සිතුවම් යොදා ගන්නේනම් ඔබ නිවසින් පිටව යන ප්‍රධාන දොරටුව ඉදිරිපස මුණගැසෙන ලෙස යෙදීමෙන් වලකින්න.එය අසුභ ලකුණකි.( 2 රූපය)

53.පරණ බඩු එකතු කරන්න එපා.

54.උදුන හෝ ලිප පිටුපසින් ජනේලයක් තිබීම සුදුසු නැත.විශේෂයෙන් සුළග හමා එන ජනේලය උදුන අසල ඉතා අසුභයි.



වැඩ් විස්තර ඔනෙනම් මේ නොම්බරයට කතා කරල ගන්න පුලුවන්...

0115 15 15 15

1 comment:

taftmacaskill said...

All You Got to Eat Right Now? The Perfect Breakfast
토운트? 토운트! 를기대 사이트? No. 토운트 기대토운 카지노 됈찜램 드드&뉵 kirill-kondrashin 토운늸 카지노사이트